ගංවතුරින් ඉන්දියාවේ පුද්ගලයින් 27 ක් මරුට

ගංවතුරින් ඉන්දියාවේ පුද්ගලයින් 27 ක් මරුට: දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත...

by Staff writer 02-09-2024 | 2:06 PM

COLOMBO ( News 1st ) - ඉන්දියාවට බලපා ඇති ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් මරණ 15 ක් වාර්තා වන්නේ, තෙලංගනා ප්‍රාන්තයෙන් ය.

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

පවතින අධික වර්ෂාවත් සමඟ එම ප්‍රාන්ත වල ගංගා පිටාර ගැලීමෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.

අවලංගු වී ඇති දුම්රිය ගමන් වාර සංඛ්‍යාව, සිය ගණනකි.

පුද්ගලයින් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.