බොරැල්ලේ කෝවිද හිමියන් අපවත් වෙයි...

විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමියන් අපවත් වෙයි...

by Staff writer 01-09-2024 | 1:47 PM

COLOMBO (News 1st) - විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමියන්, අපවත් වී තිබේ.

කලක් රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වන විට වයස, අවුරුදු 48 ක්.

1976 වසරේ පෙබරවාරී 14 වැනිදා කොළඹදී උපන් උන්වහන්සේ, කොළොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කළේ ය.

දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය, ලබන අඟහරුවාදා පස්වරු 4.00 ට කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

දේහය මහජන ගෞරවය සඳහා හෙට (02) පෙරවරුවේ සිට කොළොන්නාව රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබීමට සැලසුම් කර තිබේ.