ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි...

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි...

by Staff writer 01-09-2024 | 8:25 AM

COLOMBO (News 1st) - බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් අද පස්වරුවේ මිලිමීටර 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහළ යා හැකි වේ.

මේ අතර හබරන, හිඟුරක්ගොඩ, ඉපලෝගම සහ තබ්බෝව ප්‍රදේශවලට හෙට (02) හිරු මුදුන් වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.