නිල ඡන්ද පත්‍රිකා හෙට තැපෑලට...

නිල ඡන්ද පත්‍රිකා හෙට තැපෑලට...

by Staff writer 01-09-2024 | 4:01 PM

COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා, හෙට(02) තැපෑලට භාරදීමට නියමිතව තිබේ.

ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ඒ අනුව අඟහරුවාදා සිට නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කරන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ සදහා තැපැල් සේවකයින් අටදහසක පමණ පිරිසක් යෙදවීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ ය.

මේ අතර, ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ද, සියයට  95 කින් පමණ අවසන් කර තිබේ.

හමුදා කඳවුරු වෙත බෙදා හැරීමට නියමිත තැපැල් ඡන්ද පත්‍රිකා කොටසක් පමණක් ඉතිරිව ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ ය.

ඒවා හෙට බෙදා අවසන් කරන බව, ඔහු සඳහන් කළේය.

මෙවර තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව, හත් ලක්ෂ 12,318 කි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම, ලබන 04, 05 හා 06 යන දිනවල සිදු කිරීමට නියමිතය.

එම දිනවල උදෑසන 8.30 ත් - 4.30 ත් අතර වේලාවේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවනවා.