ජනපති බයිඩ්න් උරණ වෙයි..

ගාසා තීරයෙන් අමෙරිකානු ප්‍රාණ ඇපකරුවෙකුගේ මළ සිරුරක් හමුවීමත් සමග ජනපති බයිඩ්න් උරණ වෙයි..

by Staff writer 01-09-2024 | 4:13 PM

COLOMBO ( News 1st ) - ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු ඊශ්‍රායල හමුදාව සොයාගෙන තිබේ.

මළ සිරුරු රෆා ප්‍රදේශයේ භූගත උමගක තිබූ බව නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසයි.

එක් ප්‍රාණ ඇපකරුවෙකු ඇමරිකානු පුරවැසියෙකු වන අතර ඒ සම්බන්ධයෙන් තමන් කෝපයට පත්වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් 07 වැනිදා දකුණු ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයින් 1200ක් මිය ගියේය.

පසුව හමාස් සංවිධානය පුද්ගලයින් 251ක් දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් අතර පසුව ඉන් පිරිසක් මුදාහැරීමට කටයුතු කළේය.

මේ වනවිට ගාසා තීරයට පැය 08ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, ගාසා තීරයේ දරුවන්ට පෝලියෝ එන්නත ලබා දීම සඳහායි.