ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහය සජිත්ට

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහය සජිත් ප්‍රේමදාසට

by Staff writer 01-09-2024 | 6:34 PM

COLOMBO (News 1st) - ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ.

පාර්මේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඒ බව සඳහන් කළේ, අද (01) වව්නියාවේදී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පා.ම. ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා,

අද දින අපි මධ්‍යම කාරක සභාව උදේ එකොළහට දැන් සවස හතර වෙනකම් පැය පහට අපි සාකච්ඡා කළා. මේ ජනාධිපතිවරණය සම්බන්ධව අපි තීරණ තුනක් අරගෙන තියෙනවා දෙමළ පොදු අපේක්ෂකය වශයෙන්  නම් කරලා ඉදිරිපත් වෙන අරියනේත්‍රම් මහතාට අපි සහය දෙන්නේ නෑ කියලා අපි තීරණය අරගෙන තියෙනවා. දෙවනුව අරියනේත්‍රම් මහතාව මේ ජනාධිපති තරඟයෙන් ඉවත් වෙන්න කියලා අපි ඉල්ලීමක් ඉදිරිපත් කරනවා. තුන ජනාධිපතිවරණයේ විස්සයි විසිහතර සජිත් ප්‍රේමදාස මහතාට  ඉලංගෙ තමිල් අරසුකච්චි සහය දෙනවා කියලා අපි අද තීරණය අරන් තියෙනවා.