ඉන්දීය අගමැතිගෙන් ඉල්ලීමක්..

සියලු රටවල් සමග සමීපව කටයුතු කරන්න - ඉන්දීය අගමැති

by Hashini De Mel 22-08-2024 | 10:48 AM

COLOMBO (News1st)- සියලු රටවල් සමග සමීපව කටයුතු කිරීම ඉන්දියාවේ නව විදේශ ප්‍රතිපත්තිය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පෝලන්ත සංචාරය අතරතුරදීය

.

දශක ගණනාවක් පුරා ඉන්දියාව සියලු රටවල් සමග දුරස්ථව ගනුදෙනු කළත්, වර්තමානයේ එය සම්පූර්ණයෙන් වෙනස් වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, වර්තමාන ඉන්දියාව සියලු දෙනා සමග සිටිමින් සියල්ලන්ගේ යහපත ගැන සිතා කටයුතු කරන බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු පෝලන්තයේ සංචාරයක නිරත වන්නේ දශක 04 කට වැඩි කාලයකට පසුව වීමද විශේෂත්වයකි.

1979 වසරේදී එවකට අග්‍රාමාත්‍ය මොරාර්ජි දේසායි පෝලන්තයේ සංචාරයක නිරත වී තිබේ.