ඒලෝන් මස්ක් ගැන ට්‍රම්ප් කියූ කතාව..

ජනපති වුණොත් ඒලෝන් මස්ක්ට දෙන තනතුර ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟියක්

by Staff writer 20-08-2024 | 2:29 PM

COLOMBO ( News 1st ) - නොවැම්බර් පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත්, ව්‍යවසායකයෙකු වන එලොන් මස්ක් කැබිනට් මණ්ඩලයට හෝ උපදේශක තනතුරකට පත් කිරීමට අපේක්ෂා කරන බව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප්, පෙන්සිල්වේනියාවේ පැවති ප්‍රචාරක උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ට්‍රම්ප් සහ මස්ක් අගෝස්තු 12 වැනිදා එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පැය දෙකක පමණ කාලයක් සාකච්ඡාවක ද නිරත විය.

එහිදී මස්ක් විසින්, බදු භාවිතය සහ අනෙකුත් ගැටළු පිළිබඳ කාර්යක්ෂමතාව අධ්‍යයනය කිරීම සඳහා රජයේ නව කොමිසමක් පිහිටුවිය යුතු බවට ද යෝජනා කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.