අමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයට

ගාසා සටන් විරාම පිළිබඳ සාකච්ඡා සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයට..

by Staff writer 19-08-2024 | 11:33 AM

COLOMBO ( News 1st ) - අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලයේ සංචාරයක නිරත වී තිබේ.

ඒ , ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහායි.

ගසා තීරයේ යුද්ධය ආරම්භ වීමෙන් පසුව ඔහු ඊශ්‍රායලයට පැමි‍ණෙන 10 වන අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඔහු එහිදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ඇතුළු ඊශ්‍රායල නායකයින් හමුවීමට ද නියමිත බව වාර්තා වෙයි.

ඉන් අනතුරුව රාජ්‍ය ලේකම්වරයා හෙට ඊජිප්තුව බලා පිටත් විමට ද නියමිතව තිබේ .

ඒ , ඊශ්‍රායලය සහ හමාස් අතර වක්‍ර සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ය.