රුසියාවේ ප්‍රබල භූ කම්පනයක්..

රුසියාවේ කම්චත්කා අර්ධද්වීපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 07ක ප්‍රශ්න ප්‍රබල භූ කම්පනයක්

by Staff writer 18-08-2024 | 7:11 AM

COLOMBO (News 1st) - රුසියාවේ කම්චත්කා අර්ධද්වීපය ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

එහි ප්‍රබලත්වය, මැග්නිටියුඩ් ඒකක 07කි.

පොළව මට්ටමේ සිට කිලෝමීටර් 29 ක් අභ්‍යන්තරයට වන්නට භූ කම්පනය හටගෙන ඇත.

ඒ සමග අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ ද, පසුව එය ඉවත් කෙරිණි.

භූ කම්පනයත් සමග කම්චත්කා අර්ධද්වීපයේ පිහිටි ෂිවෙලුච් ගිනි කන්ද විදාරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් අලු සහ දුමාර පිටවෙමින් ඇති බවයි.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි මෙතෙක් වාර්තා වී නොමැත.