රුසියාවේ පසු කම්පන 4 ක්

ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව, රුසියාවේ පසු කම්පන 4 ක්...

by Staff writer 18-08-2024 | 6:41 PM

COLOMBO ( News 1st ) - රුසියාවෙන් වාර්තා වූ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව, පසු කම්පන 04 ක් සිදුව තිබේ.

කම්චත්කා අර්ධද්වීපය ආශ්‍රිතව අද (18) උදෑසන වාර්තා වූ භූ කම්පනයේ ප්‍රබලත්වය, මැග්නිටියුඩ් ඒකක 7 කි.

අනතුරුව වාර්තා වූ පසු කම්පන වල ප්‍රබලත්වය, මැග්නිටියුඩ් ඒකක 04 ත් 05 ත් අතර අගයක් සටහන් විය.

භූ කම්පනයත් සමග කම්චත්කා අර්ධද්වීපයේ පිහිටි ෂිවෙලුච් ගිනි කන්ද විදාරණය වී ඇත.

ඉන් කිසිදු ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා වන්නේ නැත.