වෝඩ් පෙදෙසේ ඝාතනයට සැක 2ක් කොටු

වෝඩ් පෙදෙසේ ත්‍රීරෝද රථයක පුද්ගල ඝාතනයට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 27-07-2024 | 9:39 AM

COLOMBO (News 1st) –කොළඹ, කුරුඳුවත්ත, වෝඩ් පෙදෙසේදී ත්‍රීරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ 35 සහ 48 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් හා ගෝනවිල ප්‍රදේශවලිදී සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඉන් එක් සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය 23 වැනිදා අලුයම එලෙස ඝාතනයට ලක්වුණේ 33 හැවිරිදි ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.