ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිගෙන් නිවේදනයක්..

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම ගැන ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිගේ ප්‍රසාදය..

by Staff writer 27-07-2024 | 8:18 AM

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය,  ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිය ප්‍රසාදය පළ කර තිබේ.

ඒ එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ය.

ඇය පැවසුවේ , ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන කැපවීම තහවුරු කරමින් සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සතුටුදායක බවයි.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලය ලබා දෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වන බවත් එම එක්ස් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය.