ජනපතිවරණය ගැන ශ්‍රීලනිප තීරණය ලබන බදාදා

ජනාධිපතිවරණය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණය ලබන බදාදා- අමරවීර

by Staff writer 27-07-2024 | 7:33 AM

COLOMBO (News 1st) – ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන ආකාරය පිළිබඳව ලබන බදාදා තීරණය කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මහින්ද අමරවීර මහතා පැවසුවේ, ලබන බදාදා මධ්‍යම කාරක සභාව හා දේශපාලන මණ්ඩලය රැස්වී ඒ සම්බන්ධයෙන් තිරණය කරන බවයි.

මේ අතර, ඊයේ පැවති රැස්වීමකින් පසුව පොදුජන පෙරමුණ පැවසුවේ සඳුදා දේශපාලන මණ්ඩලය රැස්වී අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා පැවසුවේ, ජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා වන තීරණයට එකඟ නොවන බවයි.