රජයේ මුද්‍රණාලයාධිපතිගෙන් නිවේදනයක්..

ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය අවසන්.. රජයේ මුද්‍රණාලයාධිපති

by Staff writer 27-07-2024 | 7:28 AM

COLOMBO (News 1st) –ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය සඳහන් කළා ය.

මුද්‍රණාලයාධිපතිනිය පැවසුවේ ඊයේ පෙරවරුවේ ඒ සියලුම පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදුන් බවයි.

තේරීම්භාර නිලධාරින් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනයද සෝදුපත් පරීක්ෂාව සඳහා යොමුකර ඇතැයි ඇය පැවසුවා ය.

ගංගා කල්පනි ලියනගේ මහත්මිය පැවසුවේ, ඊට අදාල ගැසට් නිවේදනයද අද හෝ හෙට නිකුත් කරන බවයි. 
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වීමට නියමිත අතර ලබන මස 15 වනදා නාමයෝජනා භාර ගැනීමට නියමිතයි.