ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා - ෆොන්සේකා

ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙනවා - සරත් ෆොන්සේකා

by Staff writer 25-07-2024 | 8:04 AM

COLOMBO (News 1st) - 2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නිවේදනය කර තිබේ. 

සිය නිල X ගිණුමේ මෙම නිවේදනය සටහන් කරමින් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ, වසර 76ක් පුරා විවිධ දේශපාලන කණ්ඩායම් රට බංකොලොත්භාවය කරා රැගෙන ගොස් ඇති බවයි. 

දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ඔහු සිය X ගිණුමේ #CrushCorruption ලෙස හෑෂ් ටැග් සටහනක් තබා තිබේ. 

ස්වාභාවික සම්පත් යොදා ගනිමින් රටේ ආදායම වර්ධනය කර ගැනීම අවශ්‍යතාවය ද ෆොන්සේකා මහතා පෙන්වා දෙයි. 

ඔහු සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ රට ඉදිරියට ගෙන යාම සඳහා තමන්ට සහාය දක්වන ලෙසයි.