ශ්‍රී ලංකා කණ්ඩායම ඔලිම්පික් වෙනුවෙන් පැරිස් යයි

ඔලිම්පික් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පැරිස් බලා පිටත්ව යයි..

by Staff writer 25-07-2024 | 6:55 AM

COLOMBO ( News 1st ) - පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා තරුෂි කරුණාරත්න, අරුණ දර්ශණ සහ නදීෂා දිල්හානි ලේකම්ගේ ඊයේ (24) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙක් සුදුසුකම් ලබා ගත්තේය.

විරේන් නෙත්තසිංහ, නදීෂා දිල්හානි ලේකම්ගේ, තරුෂි කරුණාරත්න, ගංගා සෙනවිරත්න, කයිල් අබේසිංහ සහ අරුණ දර්ශන ඊට ඇතුළත් ය.