ජයග්‍රහණයකින් ඇරඹූ ආසියානු කුසලාන ගමන

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණයකින් ආසියානු කුසලානය අරඹයි..

by Staff writer 21-07-2024 | 9:27 AM

COLOMBO (News 1st) - 2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී පළමු තරගය ජය ගත්තේ ය.

ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 7කින් ජය ගනිමිනි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණූ 111ක් රැස් කිරීමට සමත් විය.

නායිකා නිගාර් සුල්තානා නොදැවී ලකුණු 48යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත ඉලක්කය පසු කළේ, පන්දුවාර 17යි එක් පන්දුවකදී කඩුලු 3ක් දැවී සිටියදී.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු විශ්මි ගුණරත්න ලකුණූ 51ක් රැස් කළා ය.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33යි.