ඉන්දීය කණ්ඩායම ආසියානු කාන්තා ක්‍රිකට් වෙනස් කරයි.

ඉන්දීය කණ්ඩායම ආසියානු කාන්තා ක්‍රිකට් වෙනස් කරයි..

by Staff writer 21-07-2024 | 9:31 PM

COLOMBO ( News 1st ) - ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අද (21) ඉන්දීය කණ්ඩායම තමන් සතු කරගැනීමට සමත් විය.

ඒ , රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහි තරගයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමත් සමගිනි.

එය ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ.

මෙවැනි දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීම සඳහා දායකත්වය දැක්වූ නායක හර්මාන් ප්‍රීත් කෞර් ලකුණු 66ක් රැස් කළ අතර රිචා ගෝෂ් ලකුණු 64කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණූ 123ක් පමණයි.

ඒ අනුව ලකුණූ 78කින් තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම ජය ගත්තේය.