චීනයේ අලුත්ම ප්‍රතිසංස්කරණ යෝජනාව....

චීනයේ අලුත්ම ප්‍රතිසංස්කරණ යෝජනාව....

by Staff writer 18-07-2024 | 9:56 PM

COLOMBO (News 1st) - චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය පසුගිය 15 වැනිදා ආරම්භ වූ  අතර  එය  සැසියේ අවසන් දිනය වූ යේ අදයි.

එම සැසිය පැවැත්වූයේ,  චීන ජනාධිපති ෂී ජින් පිංගේ ප්‍රධානත්වයෙනි.

සැසියේ දී චීන මාදිලියේ නවීකරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ යෝජනාව සම්මත කිරීම ද විශේෂත්වයකි.

වාර්තා සඳහන් කරනනේ,  චීනය ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීමේ මූලික අරමුණු වන්නේ චීන ලක්ෂණ සහිත සමාජවාදය අඛණ්ඩව වැඩිදියුණු  කිරීම බවයි

2035 වර්ෂය වනවිට සෑම ආකාරයෙන්ම උසස් ගුණාත්මකභාවයෙන් යුත් සමාජවාදී වෙළඳපොළ  ආර්ථිකයක් ගොඩනැඟීම චීනයේ අරමුණ බව ද මෙහිදී සඳහන් විය.

මෙහිදී ඉදිරිපත් කළ යෝජනාවේ දක්වා ඇති ප්‍රතිසංස්කරණ සැලසුම් 2029 වසරේ දී මහජන චීන සමූහාණ්ඩුව 80 වැනි සංවත්සරය සමරන අවස්ථාව වන විට සම්පූර්ණ කළ යුතු යැයි,   චීන මාධ්‍ය වාර්තා කරයි.