Got Talent වැඩසටහනේ ඔබ නොදත් කතාව මෙන්න

ලෝකයක් නරඹන Got Talent වැඩසටහනේ ඔබ නොදත් කතාව මෙන්න

by Chathurika Jayasundara 13-07-2024 | 3:21 PM

COLOMBO (News 1st) -

Got Talent ගැන අහලා තියෙනව ද?

නටන්න , ගයන්න, මැජික් පෙන්නන්න, සර්කස් පෙන්නන්න, ජිම්නාස්ටික් , එහෙම නැත්තන් ඔයාගේ සුරතලත් එක්ක සෙල්ලමක් , 
ගිනි සංදර්ශන සහ ත්‍රාසජනක දක්ෂතා එකී මෙකී නොකී ඔනෑම දෙයක් කරන්න පුළුවන් වේදිකාවක් ගැන අහලා තියෙනව ද?

එහෙම වේදිකාවක දක්ෂතා දක්වන්න අවස්ථාවක් දැන් ලංකාවේ අපිට උදාවෙලා තියෙනවා  

ඔයා මොන වයසක හිටියත් මේ සදහා ඉදිරිපත් වීමේ හැකියාවකුත් තියෙනවා  

ඉතින් මොකද්ද මේ Got Talent  

Got Talent කියන්නේ මෑතකාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් වූ වැඩසටහනක්  

ජාත්‍යන්තර වැඩසටහන් ආකෘතියක් වූ Got Talent මේ වනවිට ලෝකයේ රටවල් 80ක නිෂ්පාදනය වෙනවා

ගායන, නර්ථන, මැජික්, සර්කස්, ජිම්නාස්ටික් , සුරතලුන්ගේ විශේෂාංග , හාස්‍යයෝත්පාදන, ගිනි සංදර්ශන සහ ත්‍රාසජනක දක්ෂතා වැනි සුවිශේෂි දක්ෂතා ඇති ඕනෑම වයස් කාණ්ඩවල පුද්ගලයින්ට මේ සදහා ඉදිරිපත් වීමේ හැකියාව පවතිනවා.

2014දී මෙම Got Talent වැඩසටහන් ආකෘතිය ලොව සාර්ථකම රියැලිටි රූපවාහිනී ආකෘතිය ලෙස ද නම් කරලා තිබු‍ණේ මේ  ප්‍රාසාංගික රූපවාහිනී අත්දැකීම්හි විචිත්‍රවත් බව නිසා  

මෙම නව රූපවාහිනී අත්දැකීම මුලින්ම යෝජනා කර තිබුණේ බ්‍රිතාන්‍ය ITV මාධ්‍ය ජාලය වෙතයි.

නමුත් ඇති වූ ගැටලුවකින් පසුව ව්‍යවසායකයෙකු වූ සයිමන් කෝවෙල් විසින් එය ඇමරිකානු NBC මාධ්‍ය ජාලය වෙනුවෙන් සකස් කර තිබුණා

ඒ අනුව පළමු වරට got talent වැඩසටහනක් විකාශය වූයේ 2006 වසරේ ජූලි 21 වැනිදා NBC මාධ්‍ය ජාලය හරහායි  

මේ නිසා got talent වැඩසටහනේ නිර්මාතෘ ලෙස හඳුන්වන්නේ සයිමන් කෝවෙල් ය (Simon Cowell)

ඉතින් රියැලිටි TV හෙවත් ප්‍රාසාංගික රූපවාහිනී අත්දැකීම් මෙරටට හදුන්වාදීමේ පුරෝගාමියා වූ සිරස TV got talent අත්දැකීම ලාංකීය ප්‍රේක්ෂකයින් වෙත සමීප කරන්නත් කටයුතු කළා  


රියැලිටි ටෙලිවිෂනයේ උන්මාදනීය උත්කර්ෂය තැනූ  සිරස TV සහෘද ප්‍රේක්ෂකයින් වෙනුවෙන්  2018 වර්ෂයේ March 18 වැනිදා  
got talent පළමු අදියර ආරම්භ කළා  

සෞන්දරී ඩේවිඩ් රුද්‍රිගෝ , ජැක්සන් ඇන්තනි හා තිලකරත්න ඩිල්ෂාන් got talent පළමු අදියරේ විනිශ්චයකාරයින් ලෙස කටයුතු 
කර තිබුණා

මෙවරද  එනම් 2024 දී got talent දෙවන අදියර පසුගිය දා ආරම්භ වුණා

ගායන ශිල්පිණි නටාෂා රත්නායක ,ධනූ ඉන්නාසිතම්බි , රංගන ශිල්පී අකිල ධනුද්ධර සහ ජනප්‍රිය නිළි සංගීතා විරරත්න මෙවර විනිසුරු මඩුල්ලයි

ශ්‍රී ලාංකේය ටෙලිවිෂනය උඩු යටිකුරු කරමින් නවමු අත්දැකීමක් ඔබ වෙත ගෙනඒමට සිරස TV සූදානමින්