ජනාධිපතිවරණය ගැන තවත් පෙත්සමක්...

ජනාධිපතිවරණය ගැන තවත් මුලික අයිතිවාසිකම් පෙත්සමක්..

by Staff writer 12-07-2024 | 6:11 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදත් (12) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තබේ. 

පෙත්සම ගොනු කළේ, නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසිනි. 

පෙත්සමෙන් පෙන්වාදී තිබුණේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති බවයි. 

එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දුවක් ලබාදී තිබුණ ද එය ජනමත විචාරණයකින් තවමත් අනුමත වී නොමැති බව පෙත්සමෙන් පෙන්වා දී ඇත. 

පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ, ජනමත විචාරණයකින් සම්මත කර ගන්නා තෙක් ජනාධිපතිවරණයක් පැවත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි. 

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ය.

ජනමත විචාරණයකින් අනුමතවීමෙන් පසුව ජනාධිපතිවරයා අත්සන් තබා නොමැති නිසා නීතියක් වශයෙන් සැලකිය නොහැකි බැවින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පිළිගෙන කටයුතු කිරීම නිත්‍යානූකූල නොවන බව ද පෙත්සමේ දැක්වේ.