මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට පොලීසියෙන් වෙඩි

පොලිස් වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට තුවාල..

by Staff writer 05-07-2024 | 12:05 PM

COLOMBO ( News 1st ) - පිළියන්දල ප්‍රදේශයේ ‍පොලීසිය කළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු තුවාල ලබා තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, තුවාල ලැබූ සැකකරු කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

පොලිස් ත්‍රීරෝද රථයක් ඊයේ රාත්‍රි 10.30 ට පමණ මත්ද්‍රව්‍ය ජවාරම්කරු ගමන් ගත් මෝටර් රථය හරස් කර තිබේ.

පොලිස් ත්‍රීරෝද රථය අනතුරට ලක් කර පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

වෙඩි වැදීමෙන් පසුව සැකකරු මෝටර් රථය පදවාගෙන ගොස් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් වී ඇත.

තුවාල ලැබූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කළේ ය.

දිර්ඝ කාලයක සිට සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බව ද පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.