ඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි අදියර අද...

ඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි අදියර අද...

by Staff writer 05-07-2024 | 12:31 PM

COLOMBO ( News 1st ) - ඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි අදියර අද (05) පැවැත්වේ.

ඒ , ජුනි 28 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

ජූනි 28 වැනිදා පැවති මැතිවරණයේදී ඉරාන ඡන්ද දායකයින්ගෙන් සියයට 60කට වඩා වැඩි ප්‍රමාණයක් සිය ඡන්දය  කිරීමෙන් වැළකී සිට  ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

හෙලිකොප්ටර් අනතුරකින් හදිසියේ ජීවිතක්ෂයට පත්වුණු ඊබ්‍රහිම් රයිසිගේ මරණයෙන් පසුව, ඔහුගේ අනුප්‍රාප්තිකයා පත් කර ගැනීමට මෙම මැතිවරණය පැවැත්වෙයි.

මෙවර ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ මසාඋඩ් පසිෂ් කියාන් සහ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන සයීඩ් ජලීලී අතරයි.