යුක්තියේ මෙහෙයුම අද සිට නව මුහුණුවරකින්..

යුක්තියේ මෙහෙයුම අද සිට නව මුහුණුවරකින්..

by Staff writer 04-07-2024 | 9:12 AM

අද (04) සිට යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් යළි ආරම්භ කර තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, නව උපක්‍රම යොදා ගනිමින් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා විවිධ වැඩසටහන් ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළේ ය. 

ඒ යටතේ කුරුණෑගල, ගල්වල ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් අද ක්‍රියාත්මක විය.

ඒ, පොලිස් නිල සුනඛයින් ද යොදා ගනිමිනි. 

පොලීසිය පැවසුවේ, මෙහිදී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 4 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි. 

පසුගිය දෙසැම්බර් 17 වැනි දා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් පුද්ගලයින් ලක්ෂ 5ක් පමණ ගංජා, හෙරොයින්, අයිස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන බව හෙළිවී ඇති තිබේ.