තලාව OIC ඇතුළු නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක්

මත්පැන් වැටලීමකට ගිය තලාව OIC ඇතුළු නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක්

by Staff writer 04-07-2024 | 9:17 AM

COLOMBO (News 1st) - තලාව, සුමුදුගම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය තලාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට පහරදී තිබේ. 

තුවාල ලැබූවන් තලාව රෝහලට ඇතුළත්  කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බව පොලීසිය පවසයි. 

ඊයේ (3) රාත්‍රියේ ලද තොරතුරක් මත නීති විරෝධී මත්පැන් වැටලීමකට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තලාව, සුමුදුගම ප්‍රදේශයේ නිවසකට පිටත් ව ගොස් තිබුණි. 

එහිදී එම නිවසේ සිටි මත්පැන් ජාවාරම්කරු අතුළු පිරිස පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කොට ඔවුන්ට පහර දී තිබේ. 

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඒ බව ස්ථානාධිපතිවරයාට කළ දැනුම්දීමකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා ද එහි ගොස් ඇති අතර එහිදී ඔහුට ද සැකකරුවන් පහරදී ඇති බව දැක්වේ. 

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද තඔුත්තේගම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.