ජනපති ධූර කාලය වසර 5ක් බව තරයේ විශ්වාස කරනවා

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බව තරයේ විශ්වාස කරනවා - ජනපති

by Hashini De Mel 04-07-2024 | 9:56 AM

COLOMBO (News 1st) - ජනපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරයේ විශ්වාස කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

ඒ අනුව, මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට සහය පළ කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය. 

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ චමින්ද්‍ර දයාන් ලේනව මහතා තමාගෙන් හෝ නීතීඥවරුන්ගෙන් උපදෙස් ලබා නොගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.