ගම්පහ ගංවතුරට හේතු සොයා විශේෂ මෙහෙයුමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇති වීමට හේතු සොයා විශේෂ මෙහෙයුමක්..

by Staff writer 04-07-2024 | 9:41 AM

COLOMBO ( News 1st ) - ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීමට හේතු සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

 

එමගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන ඇළ මාර්ග සහ ජල බස්නා නිරීක්ෂණය කර ජලය බැස යාමට ඇති බාධා හදුනා ගැනීමට අපේක්ෂා කරන බව , ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා පැවසුවේ ය.

 

ගම්පහ ගංවතුර අවදානමෙන් මුදාගැනීම සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි තෙවදෑරුම් වැඩපිලිවෙළක් හඳුනාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

 

පසුගිය මැයි මාසයේදී ගම්පහ ජලයෙන් යටවීමෙන් පවුල් 19,860ක පුද්ගලයින් 80,411ක් පීඩාවට පත්විය.