ගාසා තීරයේ ළමුන් අතර අවදානම් චර්ම රෝගයක්..

ගාසා තීරයේ ළමුන් අතර අවදානම් චර්ම රෝගයක්..

by Staff Writer . 03-07-2024 | 1:44 PM

COLOMBO ( News 1st ) - ගාසා තීරයේ කුඩා ළමුන් අතර ඉතා අවදානම් චර්ම රෝගයක් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

 

එම සංවිධානය පෙන්වා දෙන්නේ ඔවුන්ගේ පාද සහ දෑත්වල පැපොල රෝගයට සමාන සුදු සහ රතු ලප හටගන්නා බවය.

 

අදාළ රෝග තත්ත්වය දරුණු ආසාදන තත්ත්වයක් දක්වා උත්සන්න වන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ඊශ්‍රායල-හමාස් ගැටුම් හේතුවෙන් ගාසාහි සරණාගත භූමිවල රැඳී සිටින 150,000 කට වැඩි පිරිසකට චර්ම රෝග හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.