වත්මන් ජනපති සමග ජාතික ආණ්ඩු නෑ - සමගි ජන බලවේගය

වත්මන් ජනාධිපති යටතේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සහය දෙන්නේ නෑ - සමගි ජන බලවේගය

by Staff writer 02-07-2024 | 12:31 PM

COLOMBO (News 1st) - වත්මන් ජනාධිපතිවරයා යටතේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කිසිසේත් සහාය නොදීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබේ.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ අද (02) පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි.

මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා  යෝජනාව ඉදිරිපත්  කර ඇති අතර, සභාවේ ඒකමතික තීරණයකින් යෝජනවා සම්මත වී ඇත.