මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්...

by Staff writer 02-07-2024 | 8:58 AM

COLOMBO (News 1st) - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී සිදුවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බම්බලපිටිය සහ වැල්ලවත්ත අතරදී පීල්ලක් කැඩි ගොස් ඇති බව , එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ ය.

එම මහතා වැඩිදුරටත් පැවසූවේ ඒ හේතුවෙන්  මුහුදුබඩ මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවයි