දයාසිරිට බාධා කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

දයාසිරිට බාධා කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණයෙන් නියෝගයක් ...

by Staff writer 02-07-2024 | 12:30 PM

COLOMBO (News 1st) - දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම හා පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද (02) නිකුත් කළේ ය.

ඒ, දයාසිරි ජයසේකර මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බලමිනි.

අදාළ පෙත්සම් විභාගය අවසන් වන තුරු, අතුරු තහනම් නියෝගය බලපැවැත්වෙනු ඇති.

මේ අනුව දයාසිරි ජයසේකර මහතාට අද සිට පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවේ.