අද මධ්‍යම රාත්‍රියේ සිට ගැස් මිල පහළ දමයි...

අද මධ්‍යම රාත්‍රියේ සිට ගැස් මිල පහළ දමයි...

by Staff writer 02-07-2024 | 12:24 PM

COLOMBO (News 1st) - අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් මිල පහළ දමා තිබේ.

ලිට්‍රෝ සමාගම පැවසුවේ, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පහළ දැමුණු බවයි.

ඒ අනුව එහි නව මිල රුපියල් 3,690 ක්.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40 කින් පහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 1,482 ක් ලෙස සටහන් වේ.

කිලෝග්‍රෑම් 2.3 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිල අඩු කර ඇත්තේ රුපියල් 18 කින්.

එහි නව මිල රුපියල් 694 ක්.