වැඩබලන නීතිපති ධුරය ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහට

වැඩබලන නීතිපති ලෙස ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ හෙට දිවුරුම් දෙයි..

by Staff writer 30-06-2024 | 11:07 AM

 COLOMBO (News 1st) - තමා වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට (01) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා පවසයි.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එම මහතා ඒ බව තහවුරු කළේ ය .

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා, හිටපු අගවිනිසුරුවරයෙකු වූ පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයායි.