අතිවිශේෂ ගැසට් නිවේදනයක්....

පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක්.

by Staff writer 30-06-2024 | 8:37 AM

COLOMBO (News 1st) - පොදු ගමනාගමන සේවා සහ ගමනාගමන සේවා සඳහා පහසුකම් සැළසීම හා පවත්වාගෙන යාම, අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත්, දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා සේවා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු, අදාළ ගැසට් නිවේදනය ඊයේ (29) සිට බලාත්මකයි.