මුදල් වංචාකළා යැයි චෝදනා ලැබූ චීන ජාතිකයින්

අන්තර් ජලාය ඔස්සේ මුදල් වංචාකළා යැයි චෝදනා ලැබූ චීන ජාතිකයින් ලබන 5 වැනිදා දක්වා රිමාන්ඩ්

by Haindu Gihan 30-06-2024 | 10:36 AM

COLOMBO (News 1st) - අන්තර්ජාලය භාවිත කර මුදල් වංචා කිරිමේ චෝදනා මත මීගමුව වයික්කාලේදී අත්අඩංගුවට ගත්  චීන ජාතිකයින් 31 දෙනා ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔවුන් ඊයේ (29) පස්වරුවේ මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ස්ථානවලින් මේ වන විට විදේශිකයින් 200 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් බහුතරයක්, ඉන්දීය ජාතිකයින්.

ඊට අමතරව චීන, බංග්ලාදේශ, පකිස්ථාන සහ නේපාල ජාතිකයින් ද ඒ අතර වේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදේශිකයින් එම මුදල් බ්‍රිතාන්‍ය, ඩුබායි සහ ඉන්දියාවේ බැංකු ගිණුම් වෙත බැර කර ඇති බවයි.