අගමැති වෙනස් වුණත් නිසි තැන රැකගත් ලැරී..

අගමැති වෙනස් වුණත් නිසි තැන රැකගත් ලැරී..

by Chathurika Jayasundara 30-06-2024 | 2:03 PM

 COLOMBO (News 1st) -  ලෝකයේ බලවත්ම බළලා ගැන දන්නවද 

තමන්ටම පැවරුණු නිශ්චිත රාජකාරියක් , නිල සමාජ මාධ්‍ය ගිණුමක් වගේම දේශපාලනයට සෘජු සම්බන්ධතා පවත්වන 
බලවත්ම බළලෙක් ගැන අහලා තියෙනවද? 

මොන පක්ෂයකට බලය ගියත් අවුරුදු 14ක් පුරාවට එක්සත් රාජධානි දේශපාලන ඉතිහාසයේ ස්ථාවර චරිතය බළලෙක් කිව්වොත් විස්වාස කරන්න පුළුවන්ද ?

අගමැති නිල නිවසේ සිටින ලැරී නම් බළලා බ්‍රිතාන්‍යයේ 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් බලා ඉන්නවා කියලා එරට මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දේශපාලන කැලඹීම් තියෙන බ්‍රිතාන්‍යය තුළ ස්ථාවර චරිතය ලැරී කියලා  

2007 දී උපත ලැබූ ලැරී දැනටමත් අගමැතිවරුන් පස් දෙනෙකු යටතේ සේවය කරලා තියෙනවා 

ඒ ඩේවිඩ් කැමරන් , තෙරේසා මේ, බොරිස් ජොන්සන් , ලිස් ට්‍රස් වගේම රිෂී සුනක් යටතේ

ලැරී දැන් බලන් ඉන්නේ එයාගේ 6 වැනි අගමැතිවරයා කවුද කියලයි 

2011 දී එවකට අගමැති ඩේවිඩ් කැමරන් යටතේ තමයි ලැරීව රාජකාරියට බඳවා ගෙන තිබුණේ  

මේ බලවත්ම බළලාගේ සමාජ මාධ්‍ය ගිණුමේ තිබුණ ප්‍රකාශනයක් ගැන විදෙස් මාධ්‍ය තුළ වැඩි අවදානයක් යොමු වෙලා තියෙනවා 

"මට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ලැබෙන්නේ නෑ, ඒත් ඔබ තෝරා පත් කර ගන්නා කෙනා සමග මට ජීවත් වීමට සිදු වෙනවා."

බ්‍රිතාන්‍යයේ වත්මන් අගමැති රිෂි සුනක් නිවේදනය කර තිබුණේ මහ මැතිවරණය  ජූලි 4 වැනිදා මැතිවරණය පැවැත්වෙන බවයි 

ඒත් සමගම දේශපාලන පක්ෂ රැසක් ලහි ලහියේ සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරලා කියලයි විදෙස් මාධ්‍ය පවසන්නේ.