T20 ලෝක කුසලානයේ අවසන් සටන අද..

T20 ලෝක ශූරයින් දකුණු අප්‍රිකාවද? ඉන්දියාවද? : අවසන් සටන අද..

by Staff writer 29-06-2024 | 7:40 AM

COLOMBO (News 1st) - 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(29) පැවැත්වෙයි.

ඒ, ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතරයි.

තරගය බටහිර ඉන්දීය කොදෙව්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගනයේදී මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වෙයි.

තරගය MTV මාධ්‍ය ජාලයේ ටී.වී වන් නාලිකාව ඔස්සේ සහ www.sirasa tv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.