මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1200ක් විනාශ කිරීම අද

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1200ක් අද වනාතවිල්ලුවේදී විනාශ කෙරේ..

by Staff writer 29-06-2024 | 2:15 PM

COLOMBO ( News 1st ) - අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු අවසන්වූ මත්ද්‍රව්‍ය තොගයක් අද(29) පෙරවරුවේ වනාතවිල්ලුවේදී විනාශ කරන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1200 කට අධික ප්‍රමාණයක් ඒ අතර වන බවයි.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 614 යි ග්‍රෑම් 36 ක්, කෙටමින් කිලෝග්‍රෑම් 581 යි ග්‍රෑම් 34 ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 13 යි ග්‍රෑම් 686 ක්  වනාතවිල්ලුව, ලැක්ටෝස් වත්තේ පිහිටි අධිබලැති මත්ද්‍රව්‍ය විනාශ කිරිමේදී විනාශ කෙරෙන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

පොලිසිය පැවසුවේ , මෙම මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන කොළඹ මහාධිකරණයේදී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් භාරගැනීමට නියමිත බවයි.