දිල්ලි ගුවන් තොටුපොළේ වහලයක කොටසක් කඩා වැටෙයි..

දිල්ලි ගුවන් තොටුපොළේ වහලයක කොටසක් කඩා වැටෙයි..

by Chathurika Jayasundara 29-06-2024 | 10:11 AM

COLOMBO ( News 1st ) - දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමුවන පර්යන්තයේ වහළයක කොටසක් කඩා වැටී තිබේ

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සිද්ධියෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව, තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි

මේ හේතුවෙන් ගුවන්තොටුපොළේ පළමුවන පර්යන්තයෙන් සියලුම පිටත්වීම් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ආරක්ෂිත පියවරක්  ලෙස ඇතුල්වීමේ පිවිසුම වසා දමා තිබේ

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අධික වර්ෂාව හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි