ග්‍රාම නිලධාරින් අදත් අකුරට වැඩ

ග්‍රාම නිලධාරින් අදත් අකුරට වැඩ

by Staff writer 29-06-2024 | 8:19 AM

COLOMBO (News 1st) - ග්‍රාම නිලධාරින් අදත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි. 

ඒ , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නියෝජිතයින් සමග ඊයේ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් ය. 

කෙසේවෙතත් ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව සකස් නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් විය.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන ග්‍රාම නිලධාරින්ට, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සමග ලබන 4 වැනිදා සාකච්ඡාවක් ලබාදී තිබේ. 

ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පැවසුවේ, එහිදී ඉල්ලීම් සඳහා සාධනීය විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩව වැඩවර්ජනයකට යොමුවන බවයි.