ශ්‍රී ලංකාවට U19 පිලට සුපිරි ජයක්..

එංගලන්ත 19න් පහළ කණ්ඩායමට එ⁣රෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

by Staff writer 29-06-2024 | 9:58 AM

COLOMBO (News 1st) - එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගය සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 65කින් ජය ගත්තේ ය.

චෙල්ම්ස්ෆර්ඩ්හීදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 294ක් රැස් කළ අතර මහිත් පෙරේරා නොදැවී ලකුණු 58යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ සියලු දෙනාට රැස් කරගත හැකි වූයේ ලකුණු 229ක් පමණයි.