12 දැරියක් කසාද බඳින්න ගිය මනමාලයාට වැඩ වරදී..

අවුරුදු 12 දැරියක් කසාද බඳින්න ගිය 72 මනමාලයාට වැඩ වරදී..

by Chathurika Jayasundara 29-06-2024 | 10:08 AM

COLOMBO ( News 1st ) - 12 හැවිරිදි දැරියක් 72 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කර දීමට යෑමේදී පොලීසිය විසින් මනමාලයාව අත්අඩංගුවට ගත් පුවතක්  පාකිස්ථානයෙන් වාර්තා වෙනවා 

පොලීසිය සඳහන් කර ඇත්තේ,  දැරියගේ පියා විසින් ඇයව අදාළ මහළු පුද්ගලයාට විකිණීමට කටයුතු කර ඇති බවයි.

ඒ , පකිස්ථාන රුපියල් ලක්ෂ 5ක මුදලකටයි. 

මනමාලයාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දැරියගේ පියා එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා

පොලීසිය සඳහන් කරන්නේ , ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි 

ළමා විවාහවලට එරෙහිව නීති තිබුණද පකිස්ථානයේ මෙවැනි සිදුවීම් දිගින් දිගටම වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා