O/L පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද සිට..

O/L පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද සිට..

by Staff writer 28-06-2024 | 8:18 AM

COLOMBO (News 1st) -  අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද(28) ආරම්භ වෙයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, අද සිට දින 10 එම අදියරේ ඇගයීම් සිදු කෙරෙන බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්වලින් 80% ක් පමණ මේ වනවිට පරීක්ෂා කර අවසන් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.