සිරස, ශක්ති හා News 1st සම්මානයට පාත්‍ර වෙයි..

ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි සිරස, ශක්ති හා News 1st සම්මානයට පාත්‍ර වෙයි..

by Staff writer 28-06-2024 | 12:37 PM

 COLOMBO (News 1st) -  2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී News 1st ,සිරස FM ,ශක්ති TV හා  ශක්ති FM නාලිකා සම්මානයට පාත්‍ර විය.

මාධ්‍ය ආයතන කාණ්ඩය යටතේ දමිළ මාධ්‍ය අංශයේ රන් සම්මානය ශක්ති TV දිනා ගත්තේ ය.

ශක්ති FM ද මාධ්‍ය ආයතන කාණ්ඩයේ දමිළ මධ්‍ය අංශයේ සම්මානයට පාත්‍ර විය. 

සිරස FM මාධ්‍ය ආයතන කාණ්ඩයේ සිංහල මාධ්‍ය රිදී සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. 

නිවුස් ෆස්ට් පිදුම් ලැබුවේ මාධ්‍ය ආයතන කාණ්ඩයේ රිදි සම්මානයෙන් ය. 

මෙහිදී මාධ්‍ය ආයතන කණ්ඩයේ කේවල අංශයේ සම්මාන කිහිපයක්ද පිරි නැමුණි.

නිවුස්ෆස්ට් හි සුල්ෆික් පර්සාන් සම්මානයට පාත්‍ර වුයේ මාධ්‍ය කාණ්ඩයේ ඉංග්‍රීසි මාධ්‍ය කේවල අංශයෙන් ය.

ශක්ති එෆ් එම් හි  පි ගීර්තනන් මාධ්‍ය කාණ්ඩයේ දෙමළ මාධ්‍ය කේවල අංශයෙන් සම්මානයට පාත්‍ර විය.

සම්මාන උළෙල පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ය.