ග්‍රාම නිලධාරීන් අදත් වර්ජනයේ...

ග්‍රාම නිලධාරීන් අදත් වර්ජනයේ...

by Staff writer 28-06-2024 | 10:32 AM

COLOMBO (News 1st) - ග්‍රාම නිලධාරීන් අදත්(28) වැඩවර්ජනයේ නිරත වේ.

ඒ, ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව සකස් නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමිනි.

මේ හේතුවෙන් ග්‍රාමිය මට්ට‍මේ රාජ්‍ය සේවා රැසක් ඇණ හිට ඇති බව ග්‍රාම නිලධාරි වෘත්තීය සංගම් එකමුතුවේ සම කැඳවුම්කරු ජගත් චන්ද්‍රලාල් මහතා පැවසුවේ ය.

ග්‍රාම නිලධාරි සහතික නිකුත් කිරීම , මරණ ලියාපදිංචිය වැනි අත්‍යවශ්‍ය සේවා රැසක් ද ඒ අතර වන බව ඔහු කියා සිටියේ ය.

ග්‍රාම නිලධාරීන් මෙම වැඩ වර්ජනය ඊයේ දිනයේ ආරම්භ කළේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුවයි.