මහේල යන්න යයි...

මහේල යන්න යයි...

by Staff writer 26-06-2024 | 10:26 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා එම තනතුරෙන් ඉවත් වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ජයවර්ධන මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය, එම ආයතනයට යොමුකර ඇති බවයි.

මහේල ජයවර්ධන, ඔහුගේ ධුර කාලය තුළ ජාතික කණ්ඩායම් පරිසර පද්ධතියේ සහ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ව්‍යුහයේ සැලකිය යුතු වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට උපකාරී වූ බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ..