ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම

ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ ගිවිසුමට අත්සන් අද..

by Staff writer 26-06-2024 | 9:20 AM

COLOMBO ( News 1st ) - ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ ගිවිසුමට අද අත්සන් තැබීමට නියමිතයි.

ඒ සඳහා මෙරට  නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ , මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් මේ වනවිට පැරිස් ණය කමිටුව මුණ ගැසීමට ගොස් ඇත.

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ය.