රුසියාවේ ආගමික ස්ථාන ඉලක්ක කර වෙඩි තැබීමක්..

රුසියාවේ ආගමික ස්ථාන ඉලක්ක කර වෙඩි තැබීමක්..

by Staff writer 24-06-2024 | 1:21 PM

COLOMBO ( News 1st ) - රුසියාවේ, ඩැගෙස්තාන් ප්‍රදේශයේ ආගමික ස්ථාන ඉලක්ක කර එල්ල වූ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ.

ඩර්බන්ට් හා මකච්කාලා නගරවල ආගමික ස්ථාන තුනක ආගමික උත්සව ඉලක්ක කර මෙම වෙඩි තැබීම් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

වෙඩි තැබීම් වලින් මියගිය පිරිස අතරට පොලිස් නිලධාරීන් හය දෙනෙකු, පූජකයෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ඇතුළත්ය.

වෙඩික්කරුවන් හා ආරක්ෂක අංශ අතර ද  වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

එහිදී වෙඩික්කරුවන් 4 දෙනෙකු ද මියගොස් තිබේ.

විදෙස් වාර්තාවල සඳහන් වන්නේ, සෙසු සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.