එංගලන්තය අවසන් පූර්ව වටයට

එංගලන්තය අවසන් පූර්ව වටයට

by Staff writer 24-06-2024 | 6:59 AM

 COLOMBO (News 1st) – 2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරගය දැන් පැවැත්වෙයි. 

එහි කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

මෙම තරගය MTV මාධ්‍ය ජාලයේ TV1 නාලිකාව ඔස්සේ සහ, www.sirasa tv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

මේ අතර, එංගලන්තය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තේ ය.

ඒ සුපිරි 8 දෙනාගේ වටයේ අමෙරිකාව සමග පැවැති තරගය කඩුළු 10කින් ජය ගනිමින් ය.